Friday, January 15, 2021
Privacy Policy | Hotline : 0770586666 | E-mail : info@pancha.lk
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
No Result
View All Result

ආහාර රසවත් කරන ලුණුවල කතාව

September 16, 2019
0
SHARES
Share on FacebookShare on Twitter

ලුණු කියන්නෙ අපි එදිනෙදා ජීවිතයේ පාවිච්චි කරන ස්වභාවික ආහාර රසකාරකයක් නේ. ඒ වගේම අතීතයේ ඉඳන් හැම මුලුතැන් ගෙයකම ලුණු පොල්කට්ට මුල් තැනක් ගත්තා.

ඉතින් මේ මූලික රස වලින් එකක් වෙච්ච ලුණුවලට, සෝඩියම් ලෝහයයි ක්ලෝරීන් අලෝහයයි එකට එකතු වෙලා හදන සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) ලවණයේ, විශාල ස්ඵටිකමය දැලිස් ආකාරයක රසායනික ස්වභාවයක් තමයි තියන්නෙ. ස්ඵටිකමය නිසා තමයි කැට විදිහට අපිට ලුණු ලබා ගන්න පුලුවන් වෙලා තියන්නෙ..

මේ විදිහට ආහාර වල රසය වැඩිකරන ලුණු

1. මුහුදු ලුණු
2. මේස ලුණු
3. අයඩීන් මිශ්‍රිත ලුණු විදිහට වර්ග තුනකට බෙදල වෙන් කරන්න පුලුවන්.

කොහොමද මේ ලුණු නිපදවන්නේ ?

ඉස්සෙල්ලා සඳහන් කරල තිබුන වගේම ලුණු කියන්නෙ ස්වභාවික ආහාර රසකාරකයක්. එහෙම වෙන්න හේතුව තමයි මේ ලුණුවල ප්‍රභවය එහෙමත් නැත්නම් ලුණු නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍ය, විදිහට මුහුදු ජලය නැත්නම් කලපු ජලය භාවිත කරන එක. ඒකට හේතුව වෙන්නෙ නම් මුහුදු ජලයේ තියන මුළු ලවණ වලින් 74% ක විතර සෝඩියම් ක්ලෝරයිඩ් (NaCl) පැවතිමයි. ඒ නිසා මේ ලවණ තියන ජලය තටාක වලට එකතු කරලා වාෂ්පී භවන ක්‍රියාවකට ලක්කරල තමයි ලුණු නිෂ්පාදනය කරන්නේ.

ලුණු නිෂ්පාදනය කරන බිමක්, ලුණු ලේවායක් කියල හඳුන්වනවා. මුහුදු තීරයක් ආසන්නයේ, වර්ෂාපතනය අඩු වැඩි හිරු එළියක් තියන, ජලය කාන්දු වෙන්නෙ නැති මැටි මසක් තියන තැනිතලා ප්‍රදේශයක තමයි ලේවායන් පිහිටුවන්නේ. ඒ වගේ ලේවායක පියවර තුනකදි තමයි ලුණු නිෂ්පාදනය කරන්නේ. විශාල ටැංකි තුනක් ලුණු නිෂ්පාදනයට ඕන වෙනවා.

පළවෙනි පියවරේදී මුහුදු ජලය ලේවායේ පළවෙනි තටාකයට පොම්ප කරනවා. දැඩි හිරු එළිය නිසා මේ මුහුදු ජලය වාෂ්පීභවනය වෙනවා. ඒ වෙලාවෙදි ජලය වාෂ්ප වෙන නිසා දිය වෙලා තිබුන ළවණ තටාකයේ පතුලෙ තැන්පත් වෙන්න පටන් ගන්නවා.පළවෙනි තටාකයේ ඒ විදිහට තැන්පත් වෙන්නෙ කැල්සියම් කාබනේට්(CaCO3).

ඊට පස්සෙ ඉතුරු වෙන ජලය දෙවෙනි තටාකයට යවනවා. මුලින් වගේම වාෂ්පීභවනය නිසා කැල්සියම් සල්ෆේට් CaSO4 තැන්පත් වෙනවා ඒ තමයි දෙවෙනි පියවර.

තුන්වෙනි පියවරේදී දෙවෙනි තටාකයෙන් පොම්ප කරපු ජලය වාශ්පීභවනය උනාට පස්සේ තමයි NaCl තැන්පත් වෙන්නේ. ඒ විදිහට තැන්පත් උන සෝඩියම් ක්ලෝරයිඩ් භෞතික වගේම රසායනික ක්‍රියාවලි වලින් පිරිසිඳු කරලා අයඩීන් එකතු කරලා මිනිස්සුන්ට පරිභෝජනය කරන්න පුලුවන්, අයඩීන් මිශ්‍ර ලුණු වෙළඳපොළට යවනවා.

ආහාර රස ගන්වන්න, ඒවා කල්තියා ගන්න වගේම අයඩීන් මිශ්‍ර කරපු ලුණු වලින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවෙන ගලගණ්ඩය කියන රෝගයෙනුත් වැළකිලා ඉන්න මේ ලුණු වැදගත් වෙනවා කියලා වෛද්‍යවරු නිර්දේශ කරනවා.2002 වසරේදී ලුණු නිෂ්පාදනයේ ඉහලින්ම හිටියේ ඇමරිකාව ඒත් 2007 දී ලෝකයේ විශාල්තම ලුණු නිශ්පදකයා උනේ චීනය. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් හම්බන්තොට , මන්නාරම වගේ ප්‍රදේශ වල ලුණු නිශ්පාදනය කරනවා. ඒ උනත් ලුණු නිෂ්පාදනයට ඕන කරන පරිසරයක් තිබුනත් රටේ පරිභෝජනයට ඕන කරන ලුණු ප්‍රමාණය වත් අපේ රටේ නිෂ්පාදනය කරන්නෙ නෑ. ඒ නිසා මේ තත්වය ලොකු දුර්වලකමක් වගේම අසතුටට කාරණාවක් වෙනවා.

Download Nulled WordPress Themes
Premium WordPress Themes Download
Download Best WordPress Themes Free Download
Download WordPress Themes Free
online free course
Previous Post

දරුවන්ගේ වයස එක්ක හැසිරීම් වෙනස් වෙන්නේ ඇයි

Next Post

දඟ පොඩ්ඩෝ ඉන්න නිවසක් නම් ....

Next Post
දඟ පොඩ්ඩෝ ඉන්න නිවසක් නම්  ….

දඟ පොඩ්ඩෝ ඉන්න නිවසක් නම් ....

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

16 − 2 =

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

August 26, 2019
අපිටම ආවේණික වූ ශාක

අපිටම ආවේණික වූ ශාක

August 6, 2019
සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

September 2, 2019
පොල් ගැන අපි නොදත් කතා

පොල් ගැන අපි නොදත් කතා

February 18, 2019
එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

August 19, 2019
ළමා සිත් පුබුදු කළ කුමාරතුංග මුනිදාසයන්

ළමා සිත් පුබුදු කළ කුමාරතුංග මුනිදාසයන්

February 8, 2019
Pancha

© 2019 Pancha.lk
Design & Developed
By MYS.

Quick links

  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

Follow Us

No Result
View All Result
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

© 2019 Pancha.lk
Design & Developed
By MYS.