Friday, January 15, 2021
Privacy Policy | Hotline : 0770586666 | E-mail : info@pancha.lk
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
No Result
View All Result

එක වසරට යන ඔබේ ආදරණීය පොඩ්ඩාට මේ කරුණු 05 කියලා දෙන්න

January 21, 2020
0
SHARES
Share on FacebookShare on Twitter

මේ වෙද්දි අලුත් පාසල් වාරය ආරම්භ වෙලයි තියෙන්නෙ.ඒ විතරක් නෙවෙයි මුලින්ම පලමු වසරට යන අපේ පොඩිත්තෝ හා හා පුරා කියලා මේ වෙනකොට පාසල් යන්නත් පටන් අරගෙන.

දරුවෙක් එක වසරට ඇතුලත් කරනකොට අපේ අම්මලා තාත්තලාගේ හිත් වල මහ මෙරක් තරම් බලාපොරොත්තු පිරිලා තියෙනවනෙ.රටට වැඩදායක ගුණ යහමින් පිරිපුන් දරුවෙක් මේ සමාජයට එකතු කිරීම තමයි මේ හැමෝගෙම හිත්වල තියෙන ප්‍රධානතම බලාපොරොත්තුව.

පොඩි කාලේ ඉඳලම දරුවන්ට හොඳ පුරුදු කියලා දෙන එක ,හොද දෙමවුපියන්ගේ හොඳ වගකීම.

ඉතිං..අද අපි ඔයාට කියන්නේ ඔයාගේ පුංචි දුවට පුතාට වගේම ඔයාටත් ගොඩක් වැදගත්වන කරුණු කිහිපයක්.

1.පාසල ලෝකයේ හොඳම තැන කියලා දරුවට ඒත්තු ගන්වන්න

එහෙම වුනාම ඔයාගෙ දරුවත් පාසලට ගොඩක් ආදරය කරන්න පටන් ගනීවි.මොකද නිවස හැරුනම දවසේ වැඩි කාලයක් දරුවා ගත කරන්නේ පාසලෙනෙ.ඉතිං..ඒ නිසා ඒ කාලය හිතේ සතුටින් විනෝදයෙන් ගත කරන්න තියෙනවනම් එය දරුවගේ මනසට ගොඩක් හොඳ දෙයක්.

ඒ විතරක් නෙවෙයි ,හැමදාම අකුරට යන්න වගේම පාසලේ දෙන වැඩ කටයුතු ටික එදා දවසෙම කරලා ඉවර කරන්නත් ඒ අය උනන්දු වේවි.

2.දරුවත් එක්ක අත් දැකීම් බෙදා ගන්න

මේ ලිපිය කියවන ඔයාට, ඔයා මුලින්ම එක වසරට ගිය දවස මතකද..

පාසලේ අයියලා අක්කලා ඔයාව ආදරෙන් පිලිගත්ත හැටි..අම්මා හෝ තාත්තා ඔයාව පාසලේ තියලා එද්දි ඔයා අඬපු හැටි..මුලින්ම සුදු පාට ඇඳුමක් ඇඳගෙන බෑග් එකත් කරේ එල්ලගෙන, වතුර බෝතලෙත් අරගෙන ඔයා පාසල් ගිය හැටි තවමත් ඔයාගෙ මතකයේ තියේවි.මේ දේවල් ඔයාගේ දරුවත් එක්ක බෙදා හදාගන්න.කාලය වෙනස් වෙලා..ඒක ඇත්ත.ඒත් ඒ අත්දැකීම් වල මිහිරියාව තවමත් ජීව්තයට සුන්දරත්වයක් ගෙනේවි.

3.දරුවට ඉලක්කයක් දෙන්න

අපි ගමනක් යන්න පටන් ගත්තත් ගමන ඉවර කරන්න ඕනෙ කොහෙද කියන එක අපි දන්නවනෙ.වැඩක් පටන් ගත්තත් එහෙමයි.ඒ වැඩේ ඉවර කරන්න ඕනේ විදිහ අපේ හිතේ තියෙනවා. ඉතිං දවස පටන් ගත්තත් එහෙමයි .එදා දවසේ අපි කරන්න ඕනේ මොනවද කියන එක අපේ හිතේ තියෙනවා.

මේ දේ ඔයාගේ පොඩ්ඩටත් කියලා දෙන්න.ලොකු ලොකු ඉලක්ක නෙවෙයි.එයාට පුංචි පුංචි ඉලක්ක දෙන්න.ඒ වගේම ඒ ඉලක්ක එයාට ලඟා කරගන්න පුලුවන් ඒවා වන තරමටම ගොඩක් හොඳයි.

ඒ හැම වෙලාවකදිම ඔයා එයත් එක්ක ඉන්නවා කියන එකත් එයාට අඟවන්න අමතක කරන්න එපා.

4.පුංචි පුංචි දේ අගයන්න

දරුවා පාසලෙදි සිදු කරන පොඩි පොඩි හොඳ දේවල් පවා නිතරම අගයන්න.මොකද එහෙම වුනාම හොඬ වැඩ කරන්න එයාට ඒක උත්තේජනයක් වේවි. ඒ වගේම කිසිම වෙලාවක අනිත් අයත් එක්ක දරුවා සංසන්දනය කරන්න යන්න එපා.එහෙම වුනාම මේ වයසෙදිම දරුවගෙ හිතට තරඟකාරීත්වය එක්ක තරහව කෙන්තිය වගේ දේවල් එන්න පුලුවන්.

5.හොඳ පුරුදු නිතරම කියා දී උනන්දු කරවන්න

අපේ අම්මලා තාත්තලා පොඩි කාලේදීම අපිට හොඳ පුරුදු කියලා දුන්නා ඔබට මතක ඇති.ඔබත් ඒ වගේ හොඳ පුරුදු දරුවට කියලා දෙන්න. පොඩි කාලෙදී අපේ ජීව්තවලට ඇතුලත් කරගන්න හොඳ පුරුදු ,සමහර වෙලාවට අපේ ජීවිත කාලයෙදිම අපිට ප්‍රයෝජනවත් වෙනවා.

ඉතිරි කිරීම කියන්නෙ ඒ වගේ ගොඩක් වටිනා හොඳ පුරුද්දක්.එක වසරට ඇතුලත් වුන ඔයාගෙ දරුවා වෙනුවෙන් බැංකු ගිණුමක් ආරම්භ කරලා ඉතිරි කරන්න දරුවාව හුරු කරවන්න. ඒක ඒ අයගේ ජීව්ත කාලයටම වටින කියන දෙයක් වේවි.

සාමාන්‍යයෙන් අපේ පොඩිත්තෝ අතර වගේම දෙමවුපියො අතරත් ජනප්‍රියතම බැංකු ගිණුම තමයි සෙලාන් ටිකිරි ළමා ගිණුම කියන්නේ. මොකද වෙනත් ගිණුම් එක්ක සසඳද්දී සෙලාන් ටිකිරි ගිණුමෙන් දරුවන්ට නිතරම වගේ තෑගි භෝග ලැබෙනවනෙ. මේ දිනවලත් හරි අපූරු වටිනා කියන තෑගි භෝග ඔන්න ඔයාගේ දුවට පුතාටත් ටිකිරි ගිණුමෙන් ලබා ගන්න පුලුවන්.

රුපියල් 5000 ක මුදලක් තැන්පත් කරලා අලුතෙන් ගිණුමක් පටන් ගද්දී හෝ දැනටමත් තියෙන ගිණුමකට අලුතෙන් රුපියල් 5000 ක් එකතු කරද්දී වටිනා කියන අධ්‍යාපනික උපකරණ කට්ටලයක් අපේ පොඩිත්තන්ට ලැබෙනවා. තැන්පත් කරන මුදල රුපියල් 25,000 ක් නම් බොහොම ලස්සන හුරු බුහුටි “ටිකිරි චෑම්ප් “බෑග් එකක් පොඩ්ඩන්ට හිමි වෙනවා.

මේ මුදල රුපියල් ලක්ෂයක් නම් ඔබේ දරුවාට වටිනා කියන “තෑගි කට්ටලයක්” ටිකිරි ගිණුමෙන් ලැබෙන අතර තවත් බොහොමයක් තෑගි භෝග දිනාගන්නත් පුලුවන්. පලමු වසරට යන ඔයාගේ දුව පුතා වෙනුවෙන් අලුතෙන් සෙලාන් ටිකිරි ගිණුමක් පටන් ගන්නකොට තවත් සුන්දර මතකයක් ඒ අයගේ ජිවිතයට එකතු වෙනවා.

කවදා හරි දැනුම් තේරුම් ඇති වයසට ඒ අය එනකොට තමන් මුලින්ම පලමු වසරට ඇතුලත් වුන මතකයත් ටිකිරි ගිණුම එක්කම අලුත් වෙනවා. ඉතිං..නව වසරේ ජීව්තයේ නව පිටුවක් පෙරලන ඔයාගේ පොඩ්ඩට අපි මේ කියපු කරුණු කියලා දෙන්නත් අමතක කරන්න එපා.

Download Premium WordPress Themes Free
Download Nulled WordPress Themes
Download WordPress Themes Free
Premium WordPress Themes Download
udemy course download free
Previous Post

චීනයේ මෙහෙමත් දේවල් වෙනවද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

2 × three =

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

August 26, 2019
අපිටම ආවේණික වූ ශාක

අපිටම ආවේණික වූ ශාක

August 6, 2019
සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

September 2, 2019
එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

August 19, 2019
පොල් ගැන අපි නොදත් කතා

පොල් ගැන අපි නොදත් කතා

February 18, 2019
මුළු අහසම ලස්සන කරන තරු රටා

මුළු අහසම ලස්සන කරන තරු රටා

June 13, 2019
Pancha

© 2019 Pancha.lk
Design & Developed
By MYS.

Quick links

  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

Follow Us

No Result
View All Result
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

© 2019 Pancha.lk
Design & Developed
By MYS.