Friday, January 15, 2021
Privacy Policy | Hotline : 0770586666 | E-mail : info@pancha.lk
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
No Result
View All Result

කළු කුහරය ගැන අහලා තියෙනවද

September 18, 2019
0
SHARES
Share on FacebookShare on Twitter

විශ්වය කියල කියන්නෙ සාමාන්‍ය වචනයක් වුනත් විශ්වය යන සංකල්පය වටහා ගැනීම සාමාන්‍ය මිනිසෙකුට කරන්න අමාරුයි. මුළු විශ්වය තුලම සොයා නිම කල නොහැකි තරම් අභිරහස් ගොන්නක් සැඟවිලා තියෙනවා. වර්තමානයේ තාක්ෂණයේ දියුනුවත් එක්ක ම විශ්වයේ මේ සැඟවිලා තියෙන රහස් සොයන්න විවිධ විද්‍යාඥ කණ්ඩායම් පරීක්ෂණ සිදු කරනවා. මේ පරීක්ෂණ වල එක දැවැන්ත ප්‍රතිඵලයක් තමයි කළු කුහරය ගැන තොරතුරු සොයා ගැනීම.

කළු කුහරයක් කියන්නෙ කිසිම ඝන වස්තුවකට තියා ආලෝකයටවත් පවා පිටවිය නොහැකි ,ඝන වූ ස්කන්ධයක් , කාල අවකාශය තුල සිදු කල විරූපීයතවයක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අභ්‍යවකාශ ප්‍රදේශයක්. කළු කුහරයක් අවට තියෙන්නෙ හඳුනගන්න අපහසු , සිද්ධි ක්ෂිතිජය කියල හඳුන්වන මායිමක්. මේ කළු කුහරය කියන්නෙ අධික ගුරුත්වාකර්ෂණ බලයක් පවතින සෑම අංශුවක් ම වගේම ඒ කියන්නෙ ආලෝක තරංග පවා ඒ තුලට උරා ගන්න කලාපයක්. ඒ නිසා ම එය කළු කුහරය කියල හඳුන්වනවා. මේ කළු කුහරයෙන් උරා ගන්නව වගේම ක්වොන්ටම් විද්‍යාවට අනුව හෝකින් නම් කිරණ විශේශයක් නිකුත් කරනු ලබනවා . මෙම කිරණ හසුකරගැනීම මගින් කළු කුහර නිරීක්ශනය කරන්න පුළුවන්. කළු කුහරයේ ස්කන්ධය වැඩී වගේ ම එහි උෂ්නත්වය ගොඩක් අඩු‍යි. කළු කුහරය අඳුනගන්න තවත් ක්‍රමයක් තමයි අවකාශයෙහි යම් ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීම. ඒ වගේ ම තරු යුග්මයකින් කළු කුහරයකට පදාර්ත ඇදගන්න කොට, එම පදාර්ත කොටස් සර්පිලාකාරව හැඩගැහිලා අධි උෂ්නත්ව වලට පත් වෙලා වී කිරණ නිකුත් කිරීම කරන්න ගන්නවා. ඒ විදිහට නිකුත් කරන කිරණ පෘථුවි ගත දුරේක්ෂ මගින් හඳුනාගන්න පුළුවන්.

මේ විදිහට හඳුනාගත් කිරණ සහ තවත් සාධක සැලකිල්ලට අරගෙන තාරකා විද්‍යඥයින් විසින් කළු කුහර පැවතිය හැකි ප්‍රදේශ කීපයක් ම හඳුනාගෙන තියෙනවා. ක්ෂීර පථය මධ්‍යයේ sagattarius A* ප්‍රදේශයේ සූර්‍ය වගේ මිලියන 2කට අධික ස්කන්ධයක් තියෙන සුපිරි විශාල කළු කුහරයක් පවතින බවට ප්‍රබල සාධක 1998 වසරේදී හමු වෙලා තියෙනවා. මෑතකදී කල පරීක්ෂණ වලට අනුව නම් මේ කළු කුහරය සූර්‍ය ස්කන්ධ මිලියන 4කට වඩා අධික විය යුතු බව සොයාගෙන තියෙනවා. ඒ වගේ ම ප්‍රථම වරට කළු කුහරයක සත්‍ය චායාරූපයක් හසුකරගැනීමට මෑතකදී විද්‍යාඥයින් ට පුළුවන් වුණා.

Download Best WordPress Themes Free Download
Download Premium WordPress Themes Free
Premium WordPress Themes Download
Download Nulled WordPress Themes
download udemy paid course for free
Previous Post

නැවත නැවත සපුරා ගැනීම

Next Post

වෙල්ලස්ස හෙල්ලූ කොහු කුඹුරේ රටේ රාළ - 61

Next Post
වෙල්ලස්ස හෙල්ලූ කොහු කුඹුරේ රටේ රාළ – 61

වෙල්ලස්ස හෙල්ලූ කොහු කුඹුරේ රටේ රාළ - 61

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

one × one =

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

August 26, 2019
අපිටම ආවේණික වූ ශාක

අපිටම ආවේණික වූ ශාක

August 6, 2019
සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

September 2, 2019
මුළු අහසම ලස්සන කරන තරු රටා

මුළු අහසම ලස්සන කරන තරු රටා

June 13, 2019
පොල් ගැන අපි නොදත් කතා

පොල් ගැන අපි නොදත් කතා

February 18, 2019
එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

August 19, 2019
Pancha

© 2019 Pancha.lk
Design & Developed
By MYS.

Quick links

  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

Follow Us

No Result
View All Result
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

© 2019 Pancha.lk
Design & Developed
By MYS.