Friday, January 15, 2021
Privacy Policy | Hotline : 0770586666 | E-mail : info@pancha.lk
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
No Result
View All Result

ගියොත් නම් ආයි එන එක ලේසි නෑ

October 3, 2019
0
SHARES
Share on FacebookShare on Twitter

සමහර අය ඉන්නවා උස තැන් වලට බයයි. සමහරු මුහුදට ,වතුරට බයයි. ඒ වගේ විවිධ විදිහේ අපි බය තැන තියෙන්නවා. ඒත් ලෝකයේ තියෙන භයානක ම තැන් ගැනයි මේ කියන්න යන්නෙ. මෙහෙම තැන්වලට ගි‍ය මිනිස්සු ලේසියෙන් ඇවිත් නැහැ කියල තමයි වාර්ථාවෙන්නේ. එකින් එක බලමු අපි ඒ තැන් මොනවද කියල.

මරණයේ සානුව – ඇමරිකාව

ඇමරිකාවේ පිහිටා තියෙන ‘ මොහාවී ‘ කාන්තාරයේ එක් කොටසක් හැඳින්වෙන්නෙ ඩෙත් වැලී (death valley) හෙවත් මරණයේ සානුව කියල. මේ ස්ථානයේ වසන්ත කාලයේ දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 56ක්. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට වතුර ලීටර් 2ක් ප්‍රමාණවත්නෙ. ඒත් මේ ප්‍රදේශයට ගියොත් පැයකට වතුර ලීටර් 1ක් වත් බොන්නෙ නැත්නම් අනිවාර්‍යයෙන්ම විජලනය වෙලා ජීවිතක්ෂයට පත්වෙනවා. ඒ වගේම මේ ස්ථානය අතිශය විසකුරු සතුන් රැසකගෙ නිවහනක්. ඒ නිසා මේ සානුවට යන කෙනෙක්ට ලේසියෙන් බේරිලා ආයෙ එන්න ලැබෙන්නෙ නෑ.

 

අපායේ ද්වාරය – ඉතියෝපියාව

ශාපලත් ප්‍රදේශයක් විදිහට සැලකෙන උතුරු ඉතියෝපියානු ප්‍රදේශයේ තියෙන ‘ ඩේනා ‘ කියන කාන්තාරයේ තිබෙන මෙම විශේෂ ප්‍රදේශය හඳුන්වන්නෙ “gate way to hell “හෙවත් අපායේ දොරටුව විදිහට. කාන්තාර ප්‍රදේශයක් නිසා මේ ප්‍රදේශයේ තියෙන්නෙ අතිශය ඉහල උෂ්ණත්වයක්. ඊට අමතරව භූගර්භ ක්‍රියාකාරීත්වය නිසා මේ ස්ථානයත් අතිශය ඉහල උෂ්ණත්වයක තමයි පවතින්නෙ. මේ ප්‍රදේශයේ පොළවට යටින් බොහෝ තැන් වල අභ්‍යන්තර ලාවා ජලාශ තියෙනවා. කෙනෙක් මේ තැන් වලින් ඇවිදගෙන ගියොත් පොලොව දුර්වල තැන් වලින් කඩාගෙන ඇතුලට ගිහින් මේ ලාවා ජලාශ වලට වැටෙන්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානයේ තියෙන ජලය පිරුණු පොකුණු වල විවිධ ලවණ වර්ග පිරිල තියෙනවා. මේ ලවණ වර්ග ඇඟේ ගෑවුනොත් පිලිස්සුම් ඇති කරන තරම් අතිශ්‍ය විෂ දායකයි. ඒ වගේම මේ ස්ථානයේ තිබෙන විෂ වායු වර්ග නිසා ලං වෙන අයව හුස්ම හිරවෙලා මැරෙන්නත් පුළුවන්.

 

වොෂින්ටන් කන්ද – ඇමරිකාව

අඩි 6288 උස මේ කන්ද සැලකෙන්නෙ ලෝකයේ තිබෙන අතිශය භයානකම මරණීය කඳුගැටයක් විදිහට. මොකද මේ කන්ද තරණය කර පුද්ගලයින්ට බිහිසුනු අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ කන්ද තමයි ලෝකයේ වැඩිම සුළං වේගයක් තිබෙන ස්ථානය විදිහට සැලකෙන්නෙ. මේ ස්ථානයේ සුළඟේ වේගය එකවරම පැයට කිලෝමීටර් 200 ත් ඉක්මවා යනවා. 1934 අවුරුද්දෙදි එක් අවස්ථාවක මෙහි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 327ක් වුණ අවස්ථාවක් වාර්ථාවෙනවා. මේ කන්ද නගින්න යන ගොඩක් අය සුළඟට ගහගෙන යනව. 1840 දශකයේ ඉඳන් මේ දක්වා වොෂින්ටන් කන්ද මේ විදිහට සුළඟේ ගහගෙන යාම නිසා බිළිගත්ත සම්පූර්ණ මිනිස් ජීවිත සංඛ්‍යාව 137ක්. මේ වේගවත් සුළං නිසා ගහගෙන එන අයිස් කැට වැදිල දහස් ගනන් පුද්ගලයින් අබාධිත තත්ත්වයට පත් වෙලා තිබෙනවා.

 

සිඟබන්ග් ගිනි කන්ද – ඉන්දුනීසියාව

ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපත තුල පිහිටා තිබෙන මෙම ගිනිකන්ද ලෝකයේ තිබෙන සක්‍රීයම ගිනි කඳු අතරින් එකක්. අවුරුද්දකට වරක් සක්‍රීය වන මේ ගිනිකන්ද ඒ සක්‍රීය වන කාලයේදි එරට වැසියන්ට ජීවත් වීමට පවා අපහසු කරනවා. 2010 වසරෙදි ආරම්භ වුන මේ පුපුරායාම 2013 වසරේදීත් 2014,2015,2016 කියන අවුරුදු වලත් එකදිගටම නොකඩවා සිද්ධ වුණා. මේ ගිනි කන්දෙ තිබෙන විශේෂත්වය තමයි එයින් නැගෙන අතිශය විශාල විෂ වායු ප්‍රමාණය. මේ ගිනි කන්දෙ දුමාරය පැතිරෙන්නෙ හරියට පරමානු බෝම්බයක් පිපිරූ විට එහි දුමාරය පිටවෙන්න වගේ හත්තක හැඩයට. මේ විදිහට කිලෝමීටර් ගනනක් උසට මේ දුමාරය පිට වෙන්නෙ ලෝකයේ නුසම කන්ද වෙන එවරස්ට් කන්දටත් වඩා උසට. හොඳින්ම සක්‍රිය වුණා ම වර්ග කිලෝමීටර් ගණනක් ඈතට ලාව කැබලි වැස්සක් පිටවෙනවා. 2016 අවුරුද්දෙන් පස්සෙ තාමත් සක්‍රිය නොවුන සිඟබන්ග් ගිනි කන්ද අවුරුදු තුනකට පස්සෙ මීලඟ සක්‍රීයවීමේදි අතිශය බිහිසුණු විදිහට පුපුරා යයි කියල තමයි විද්‍යාඥයො මත පල කරන්නෙ.

 

සර්ප දිවයින – බ්‍රසීලය

snake island නොහොත් සර්ප දිවයින විදිහට සලකන මේ දිවයින බ්‍රසීලයට අයත් දූපතක්. විශාල පිරිසක් කුරුල්ලන් මේ ස්ථානයේ බිත්තර දමන්න එන නිසා මේ දූපතේ අසාමාන්‍ය විදිහට උග්‍ර විෂ සහිත සර්පයින් ඝනත්වය ඉහල ගිහින් තියෙනවා. ඒ අතරින් ප්‍රසිද්ධම වෙන්නෙ ‘රත්‍රන් පොළඟා’ නම් සර්ප විශේෂය. මේ දිවයිනට ගොඩබසින ගොඩක් මිනිස්සු සර්ප දෂ්ඨනයන් නිසා ජීවිතක්ෂයට පත්වීම නිසා මේ දිවයිනට ගොඩ බැසීම තහනම් කිරීමට බ්‍රසීල රජය පියවර ගෙන තිබෙනවා. අදටත් ඒ දූපතේ තිබෙන ප්‍රදීපාගාරය පවත්වාගෙන යන්නවත් කිසිවෙක් ඒ දූපතේ නෑ. ඒ දූපතේ ඇති සමහර දේවල් සොයා බලන්නෙ බ්‍රසීල රජය විසින් එරට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා යොදා ගනිමින්.

 

නිල්දිය ගුහාව – ශ්‍රී ලංකාව

මේ නිල්දිය ගුහාව සලකන්නෙ රාවනා රජතුමාගේ රහස් බලකොටුවක් විදිහට. ඇල්ල ප්‍රදේශයේ සිය කිලෝමීටර් 2ක් පමණ ඈතින් පිහිටා තිබෙන මේ ගුහාවෙ අත්භූත භූ ලක්ෂණ රාශියකින් සමන්විතයි. මේ ගුහාවෙ තරමක් දුරට පමණක් ඕනම කෙනෙකුට ඇතුලට යන්න පුළුවන්. ඒත් නිල්දිය පොකුණ විදිහට හඳුන්වන ස්ථානයට ලඟා වෙන්න නම් ගුහාවෙ ඇතුලට යන්න ඕන. ගමනේ භයානකම ස්ථානය තියෙන්නෙ නිල්දිය පොකුණ හමුවෙන ස්ථානයට ටිකකට කලින්. හරියට නිවැරදි මාර්ගය නොදැන ගුහාව ඇතුලට ගමන් කලොත් දඟර ගැසෙමින් පොලොව ඇතුලට දිවෙන ගුහා විවර වලට වැටෙන්න ඉඩකඩ තිබෙනවා. ඒ වගේ තැනකට වැටුනොත් කිසිසේත්ම ගොඩ ඒමක් නෑ. මේ නිසා නිල්දිය ගුහාවට යනවනම් පාර හරියටම දන්න කෙනෙක් එක්ක යන එක තමයි ගොඩක්ම වැදගත් දේ.

බිකිනි දූපත් පෙල – මාෂල් දිවයින

පැසිෆික් සාගරය මැද පුංචි වැලිකැට වගේ විසිරිලා තිබෙන මේ දූපත් පෙල අතිශය බිහිසුණු රහස් රැසක් සඟවාගත් ස්ථානයක්. 1950 දශකයේ ඇමරිකාව ක්‍රියාත්මක කල න්‍යෂ්ඨික ආයුධ ව්‍යාපෘතිය යටතේ වැඩි ම ප්‍රමාණයක් පිපිරීම් සිදුකලේ මේ දූපත අශ්‍රිතව. ඒ නිසා එම ස්ථානයේ බොහෝ තැන් අදටත් යන ඕනම කෙනෙක් දවසින් පිලිකා රෝගියෙක් කරන්න තරම් අධික විකිරණශීලීතාවයකින් යුක්තවෙනවා. මේ දූපත ආශ්‍රිතව ඉන්න සමහර මුහුදු ජීවීන් ජාන විකෘතිතා වලිනුත් පෙලෙනවා. පරමානුක ක්‍රියාවලිය නිසා මේ ස්ථානයේ තිබෙන සමහර දූපත් අස්ථාවර බවත් ඒවා එකවරම මුහුදේ ගිලීයාමේ අවදානමක් පවතින බවත්. මේ දූපත් ආසන්නයේ ඉන්න ජීවීන්ගේ ශරීරයේ කොපමණ විකිරණශීලීතාවක් තියෙනවද කියල කිව්වොත් ඒ දූපතේ ඉන්න කුරුල්ලෙක්ගෙ වසුරු අපේ ශරීරයට වැටුනොත් අපිට පිලිකා වුනත් හැදෙන්න පුළුවන්ලු.

 

 

 

 

Download WordPress Themes
Download Premium WordPress Themes Free
Download Premium WordPress Themes Free
Premium WordPress Themes Download
free online course
Previous Post

ඇමෙරිකාවේ ජනාධිපතිවරුන්ගේ විස්තර

Next Post

තමන්ගේ ළඟ තියෙන දේවල්වලින් තෘප්තිමත් ද

Next Post
තමන්ගේ ළඟ තියෙන දේවල්වලින් තෘප්තිමත් ද

තමන්ගේ ළඟ තියෙන දේවල්වලින් තෘප්තිමත් ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

4 × five =

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

August 26, 2019
අපිටම ආවේණික වූ ශාක

අපිටම ආවේණික වූ ශාක

August 6, 2019
සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

September 2, 2019
මුළු අහසම ලස්සන කරන තරු රටා

මුළු අහසම ලස්සන කරන තරු රටා

June 13, 2019
පොල් ගැන අපි නොදත් කතා

පොල් ගැන අපි නොදත් කතා

February 18, 2019
එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

August 19, 2019
Pancha

© 2019 Pancha.lk
Design & Developed
By MYS.

Quick links

  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

Follow Us

No Result
View All Result
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

© 2019 Pancha.lk
Design & Developed
By MYS.