ගුවන් යානාවක් අහසේ පියාසර කරනකොට බාල මහලු හැමෝම අහස දිහා බලනවා. ඒ විදිහට ගමන් කරන ගුවන් යානයට ආරම්භයක් දුන්නේ රයිට් සහෝදරයෝනේ. ඒ 1903 දී, මුල්ම ගුවන් යානාව නිර්මාණය කරනවාත් එක්කම.ඒ නිසා වර්තමාන ගුවන් යානා නිර්මාණය කරන්නත්,රයිට් සහෝදරයෝ ලෝකයට ලබා දුන්න තාක්ෂණයම භාවිත කරලා තියනවා.ගුවන් යානාවක් කියන්නේ සංකීර්ණ උපාංග ගොඩක් ඇතුලත් කරලා නිපදවන ප්‍රවාහන මාධ්‍යක් උනත් යානාවක පාලන කටයුතු සිදු කරන්නේ සරළ භෞතික මූලධර්ම වලින්.වාතය තුල ඉපිලෙන්න එහෙමත් නැත්නම් පාවෙන්න අත්‍යවශ්‍ය සාධක කීපයක්ම බලපානවා.
ගුවන් යානාවක් කියන්නේ කුරුල්ලෙක්ගේ හැඩයක් තියන වාහනයක් කියලා පුංචි කාලයේ ඉඳන්ම අපි දන්න කාරණයක් නේ . ඒ නිසා ගුවන් යානයකට ගොඩක් වැදගත් අංගයක් වෙන්නෙ පියාපත් එහෙමත් නැත්නම් වාපත් දෙක.යානය පියාසර කරවන්න, යානය හසුරවන්න වගේම යානයට ඕන කරන ඉන්ධන ගබඩාකරල තියන්නේත් වාපත් ඇතුලේ තියන ටැංකිවලයි. කුරුල්ලෙක් ගේ පියාපතක් උනත් පිහිටලා තියන්නෙ අමුතුම හැඩයකට ඒ වගේ තමයි වාපත් නිශ්පාදනය කරලා තියන්නේත් ඒ හැඩයටමයි.ඒ නිසා යානයට ගොඩක් වේගයෙන් වාතයේදී ඉදිරියට යන්න හැකියාවක් ලැබෙනවා.
බර්නූලී කියන මූලධර්මය පෙන්නලාදෙන විදිහට වාතයේ අනාකූල රේඛා කියලා රේඛා වර්ගයක් පෙන්නල දෙනවා. ඒවා වාපතට ඉහලින් එකිනෙකට ළඟිනුත් ,වාපතට පහලින් එකිනෙකට දුරිනුත් පිහිටනවා .ඒ නිසා වාපතට ඉහලින් ලැබෙන පීඩනයට වඩා පහලින් ලැබෙන පීඩනය වැඩි වෙනවා. මොනවා හරි ද්‍රව්‍යක් ගමන් කරන්නේ පීඩනය වැඩි තැන ඉඳන් අඩු තැනට ඒ නිසා මේ පීඩන වෙනස, වාපත මත එසවුම් බලයක් නැත්නම් අරෝහක බලයක් ඇති කරනවා.යානය ඉහලට ගමන් කරවන්න කලින්, පොළවේදි ගොඩක් වේගයෙන් තිරස් මාර්ගයක ගුවන් යානාව ධාවනය කරවනවා. ඒක ගොඩක් ලොකු වේගයක්. මේ වේගය වැඩි වෙනවත් එක්කම යානයට ලැබෙන බලයද වැඩි වෙනවා. එහෙම බලය උපරිම උන වෙලාවට තමයි යානය ඉහලට එසවෙන්නේ.ගුවනේ යානාව රඳවගන්න වැදගත් වෙන්නෙත් මේ බලයමයි.
ඉස්සෙල්ල සඳහන් කලා වගේ ගුවන් යානයට ධාවන බලය ලබා දෙන්නෙ ප්‍රධාන එන්ජිමෙන්.වර්තමානයේ බොහොමයක් ගුවන් යානා වල එන්ජින් සවි කරලා තියන්නේ යානයේ පියාපත් යුගලේයි.ගුවන් යානා එන්ජිමක් අවරපෙති,දහන කුටීරය වගේම ටර්බයින් කියන අංග වලින් සම්න්විත වෙනවා.ඉන්ධන දහනයෙන් ලබා ගන්න ශක්තියෙ නිසා අධික වේගයෙන් කරකැවෙන අවරපෙති විශාල ත්වරණයකින් එන්ජිම තුලට වාතය ඇතුල් කරනවා.පවතින තත්ව වලට ගැලපෙන විදිහට එන්ජිම ඇතුලෙදී වාතයේ පීඩනය වෙනස් කරන ගමන් වාතයෙහි උෂ්ණත්වය ඉහල අගයකට පත්කරනවා.මේ විදිහට රත් වෙන වායුව ඉන්ධන එක්ක එකතු කරලා දහන කුටීරය ඇතුලේ ඒවා දහනය කරනවා. දහනයේදී ඇතිවෙන ශක්තියත් එක්කම වාතය ගොඩක් වේගයෙන් ටර්බයින් තුනක් වෙතට ගමන් කිරන්න සලස්වලා තමයි එම්ජිමේ ක්‍රියාකාරී බව පවත්වා ගන්නේ.
මෙහෙම රත් වෙච්ච වාතය වේගයෙන් එන්ජිමෙන් ඉවතට විසි වෙලා යනවා.මෙහෙම ඇතිවෙන වාත ප්‍රවාහයට ප්‍රාථමික ප්‍රවාහයක්(primary flow) කියලා කියනවා.ඒකෙන් වෙන්නේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය ට ඕන වෙන ශක්තිය ජනනය කිරීමයි.ඉන්ජිමට ඇතුල් වන වාතයෙන් කොටසක් ප්‍රාතමික ප්‍රවාහයක් විදිහට ඉවත්වෙනකොට අනිත් කොටස ද්විතියික ප්‍රවාහයක්( secondary flow) විදිහට ඉවත්වෙනවා.යානයේ ධාවනයට 90% ක්ම බලය ලබා දෙන්නෙ මේ ද්විතියික ප්‍රවාහය මඟින්.
නවීන ගුවන් යානාවල වල්ගයේ කුහරයක් දකින්න ලැබෙනවා.මේ කුහරයේ තමයි යානයේ කුඩාම එන්ජිම සැඟවිලා තියන්නේ. APU (Auxiliary power unit/සහකාර බල ඒකකය) කියලා ඒ කුඩා එන්ජිම හඳුන්වනවා. සැඟවිලා හිටියත් මේ පුංචි එන්ජිම යානය වෙනුවෙන් ලොකූ කාර්‍යක් සිද්ද කරනවා. යානයේ ප්‍රධාන එන්ජින් පණගන්වන්න ඕන කරන බලය සපයන්නේ මේ APU මගින්. ඒ නිසා APU නැතුව ගුවන් නියමු කුටියේදී ප්‍රධාන එන්ජින් පණගන්වන්න හැකියාවක් ලැබෙන්නෙ නෑ.ඒ වගේම යානය ඇතුලේ කටයුතු වලට ඕන කරන විදුලිය උත්පාදනය කරන්න වගේම වායු සමීකරණ පද්ධති ක්‍රියා කරවන්නත් මේ APU නැතුවම බැරි අංගයක් වෙනවා.