නිවාඩු කාලෙ එනකං නිදියන්න පෙරුම්පුරාගෙන බලං ඉන්න, උදේට නිදියගෙන ඉන්න පූසොන්ට පවා ඉරිසියා කරන, අම්මලා නිදියන්න වද කරන ළමයින්ගෙ ළමා කාලයට ඉරිසියා කරන අපේ ජීවත ගැන හිතද්දිත් දුකයි. කොහොම වුනත් මෙ ගැන ලියන්නම ඕන. ඒ නින්ද කියන දේ අපි බොහොම ආශාවෙන් වැළඳගන්න නිසයි.
අපි දවසට ප්‍රධාන නින්දවල් දෙකක් දාගෙන තියෙනවා. ඉන් එකක් තමයි නොනිල දිවා ආහාරය ගත්තට පස්සේ පසු නිදියගැනීම. මේක පිළිවෙලකට සිද්ධ වෙන්නෙ ගෙදරදි. ඇයි ඔෆිස් එකේ මේසෙ උඩදි ඕක එච්චර පිළිවෙලකට සිද්ධ වෙන්නෙ නැහැනෙ. අනිත් එක තමයි ප්‍රධාන නින්ද. සමහරුන්ට ඇස් ඇරගෙනත් නින්ද යනවා. ඒ කොහොම වුණත් ශරීරයට අත්‍යවශ්‍ය නින්ද අපි අවභාවිතා කරනවදෝ කියලත් හිතෙනවා. වැඩ කරන මිනිස්සු නින්ද ගැන නොහිතා වැඩ කරන්න ගිහින් ලෙඩ වෙනවා.
ඔෆිස් නින්ද භයංකාරයි. සමහරු කම්පියුටරේ දිහා බලාගෙන ඉන්නව වගේ පේන්න අත ෂේප් එකේ මුක්කුවට තියාගෙන නිදියනවා. සමහරුනං ඔෆිස් එකේදි ගොරවනවත් එක්ක. සමහරුන්ට කීබෝඩ් එක උඩ නින්ද ගිහින්.සමහරු කොට්ටෙ කියලා බෝතලේ හෝ කී බෝඩ් එක බදාගෙන නිදියනවා. ඔෆිස් නින්ද සෙට් වෙන්නෙ දවල් දෙකත් තුනහමාරත් අතරෙදි. ඒ වෙලාවෙදි නින්ද කඩන්න ප්ලේන්ටියක් තිබිය යුතුමයි.
මේක තමයි නින‍්දේ අමුතු කතාව. සමහර වාසනාවන්තයොන්ට වැටුණ පමා නින්ද ගියාට සමහරුන්ට එහෙම නෑ. රෑට නිදියන්න බෑ. උදේට ඇහැරෙන්න බෑ. රෑට නිදියනකොට කොයි පොසිෂන් එකවත් සුවපහසු නෑ. උදේ වෙද්දි යකඩ කොට්ටෙ උඩත් නින්ද යනවා. මේ නිසා සමහරු පාන්දර දෙක තුන වෙනකං ඇහැරගෙන ඉඳලා අට නවය වෙනකං නිදියනවා. ඒ වගේම පාන්දර හයට ඇහැරෙන්න උවමනානම් ඒ අය නිදියන්නෙ නැතුවම රැය පහන් කරනවා මිසක් පැයකට දෙකකට නින්ද ගාවගන්නෙ නෑ.
නින්දට පෙර මොහොත එකිනෙකාට වෙනස් වෙනව. ඉස්සෙල්ලත් කිවුව වගේ සමහරු නං වැටුන පමාවට නිදියනවා. සමහරු පොත් කියවනව.සමහරු අපිට කෙලවුනු තැන ගැන කල්පනා කරනවා. තව සමහරු හෙට මැරෙයිද වගේ දේවලුත් හිතනවා. මේ කියන්නෙ කොටන් ඇදීම ගැන.ඉතින් නින්ද කියන්නේ හරිම වැදගත් දෙයක්නේ. අපිට අනිවාර්යයෙන් අවශ්ය දෙයක්.