අද අලුත් මාසෙක ආරම්භයක්.ඒ වගේමයි අද ඔක්තෝම්බර් පළවෙනිදා. අද දවසේ විශේෂත්වය ඉතින් කියන්න අවශ්‍ය වෙන්නේ නෑ නේ. ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම අරමුණු කරගෙන තමයි ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එහෙමත් නැත්නම් විශ්ව ළමා දිනය සමරන්නේ . එක් එක් රටවල්වල වර්ෂයේ විවිධ දිනයන්වල මේ ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයක්. ලෝක ළමා දින සැමරුම ලොව පුරා රටවල් ජුනි පළවෙනි දින, නොවැම්බර් විසිවන දින වගේ විවිධ දිනයන්හිදී යොදා ගෙන තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරන්නේ ඔක්තෝම්බර් 01 වැනිදා.ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සැමරුවේ 1955 ඔක්තෝම්බර් මස 01 වැනිදා.
මුලින්ම අපි දැනගමු “ළමයා ” කියන වචනයේ හරිම අර්ථය.”නීතිය මඟින් අඩු වයසකදී වයස් පූර්ණත්වය ලබන්‍නේ නම් මිස, වයස අවුරුදු 18ට අඩු සියලු තැනැත්තන් ළමුන් වේ.” ඉතිං අවුරුදු 18 ට අඩු හැම කෙනෙක්ම දරුවන්ගේ ගණයට ඇතුලත් වෙනවා. මේ විදිහට දරුවන් වෙනුවෙන් විශේෂ දිනයක් වෙන් කළ යුතු යැයි මුලින්ම ප්‍රකාශයට පත් කෙරුණේ 1925 දී පැවැත්වුනු ළමුන්ගේ සුබසාධනය පිළිබඳ ලෝක සමුළුවෙහිදී වන අතර, 1954 දී තීරණය වුනේ විශ්වීය වශයෙන් “සුදුසු” දිනයක් තෝරාගත යුතු බවයි. ගෝලිය වශයෙන් විවිධ ප්‍රභේද්‍යයන් පවතින අතර, එයින් ප්‍රධාන තැනක් ගන්නේ, එක්සත් ජාතීන්ගේ නිර්දේශය මත නොවැම්බර් 20 දින සැමරෙන විශ්ව ළමා දිනයයි.
කලින් කිව්වා වගේ විශ්ව ළමා දිනය වාර්ෂිකව නොවැම්බර් 20 දිනදී පැවැත්වෙනවා.1954 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කෙරුණු මේ දිනය, ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වූයේ, පළමුව දරුවන් අතර අන්‍යොන්‍ය හුවමාරුව සහ අවබෝධය දියුණු කරන්නත් , දෙවනුව ලෝකයේ ළමුන්ගේ ප්‍රයෝජනය සහ සුබසාධනය සඳහා අනුග්‍රහය දක්වන ක්‍රියාමාර්ග ආරම්භ කරන්නත් දිනයක් වෙන් කරන මෙන් සියළු රටවල් උනන්දු කිරීමත් වගේ කරුණු අරමුණු කරගෙනයි.මෙතැනදී තවත් විශේෂත්වයක් තියෙනවා. හැම අවුරුද්දකම මේක සමරන්නේ විශේෂ වූ මාතෘකාවක් අරමුණු කරගෙනයි මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ ” සුමිතුරු දැයකින් දිනවමු දරුවන් ” යන මාතෘකාවයි.
ඒවගේම අවසානෙට මතක් කරන්න ඕනේ පුංචි පැටව් අද ඔයාලගේ දිනය සමරනවා වගේ වැඩිහිටියනුත් අද වැඩිහිටි දිනය සමරනවා. අපි හැමදාම පුංචි දරුවෝ වගේ ඉන්නේ නැහැනේ. කවදාක හරි ඔගොල්ලන්ටත් වැඩිහිටියන් වෙන්න වෙනවා. අන්න ඒක නිසා අම්මට තාත්තට විතරක් නෙවෙයි හැම වැඩිහිටියෙක්ටම පුංචි කලේ ඉඳලම ගෞරව කරන්න ඉගෙන ගන්න.