කියවීමෙන් මිනිසා සම්පුර්ණ වෙනවා කියලා කියනව පුතාල දූලා අහලා ඇතිනේ ? මේ ලිපිය විශේෂයෙන්ම මේ මාසේ සාහිත්‍ය මාසේ නිසා. හැමෝටම ජ්‍යාතන්තර පොත් ප්‍රදර්ශණය මතක් වෙනවනේ නේද ? සමහරු ඉන්නවා පුංචි කාලේ ඉඳලම පොත් කියවන්න හුරු වුණු පොත් කාවෝ. තවත් සමහරු දැන් තමයි පොත් කියවන්න පටන් ගන්න හිතන්නේත්. ඒත් සමහරු පොත් කියවනවා වුනත් හොඳ පොතක් තෝරගන්න දන්නෙ නෑ. අපි කියන්නේ නෑ ඕනෑම කෙනෙක් පොත් කියවිය යුතුමයි කියලා. කෙනෙක් පොත් කියවනකොට තව කෙනෙක් චිත්‍රපටි බලන්න පුලුවන්. හැබැයි පොත් කියවන්න අවංක ආසාව තියෙන කෙනෙක් නම් කොහොමද පටන් ගන්න ඕනෑ, කොහොමද හොඳ පොතක් තෝරගන්න ඕනෑ කියන කාරණා ගැන කතා කරමුද ?
සමහරු ඉන්නවා ජීවිතේට පොතක් අල්ලලා නැති. දැන් එහෙම කෙනෙක් මහා බරසාර පොතකින් පොත් කියවන එක පටන් ගනීද? එහෙම සීරියස් පොත් කියවන්න කැමති අයත් ඉන්නවා. එහෙම අයට මෙන්න මේ නියම සිංහල පොත් වලින් එකක් හොඳයි පටන් ගැන්මට. හැබැයි ඒ තරම්වත් සීරියස් පොත් වලට යන්න අකමැති කෙනෙක්ට හිතලා බලන්න පුලුවන් තමන් ආස මොන වගේ පොත් වලටද කියලා. ඔන්න රහස් පරීක්ෂක කථා වලට කැමති අයට තියෙනවා ෂර්ලොක් හෝම්ස්, අගතා ක්‍රිස්ටි පොත්. එතකොට හොල්මන් කතා වලට ආස කෙනෙක්ට ඒ පැත්තෙන් පොත් තියෙනවා.
කලින් කිව්වා වගේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ පොත් කියවන ගොඩක් උදවියගේ වාර්ෂික මහා සැණකෙලිය වගේ නේ. මේ පොත් ප්‍රදර්ශනය ගොඩක් දෙනෙක්ට විශේෂ වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඩිස්කවුන්ට්. සියේට විස්ස වුනත් වටිනවනේ කියලා, තමන්ට ඕන කරන පොත් ඔක්කොම එකම තැනකින් ගන්න බුක් ෆෙයාර් එක තරම් තැනක් නෑ. ඇයි හැම ප්‍රකාශකයම වගේ මෙතන ඉන්නවනේ. තමන්ට කියවන්න ආස මොන විදියේ පොත්ද, ඒ ඕනෑම පොතක් මෙතනින් හොයාගන්න පුලුවන්. අනික අලුත් පොත් එහෙමත් සෑහෙන්න ප්‍රමාණයක් දැන් බුක් ෆෙයාර් එක අල්ලලාම දොරට වඩිනවනේ!ඉතින් අද ඉඳන් පටන් ගන්න මේ පොත් ප්‍රදර්ශණයට ඔයාලත් ගෙදර අයත් එක්ක යන්න.