දුවේ පුතේ, පොල් ගස ලෝක ජන සංඛ්‍යාවෙන් පහෙන් එකකට ප්‍රයෝජනවත් වන ගහක්. මේ පොල් ගසේ විද්‍යාත්මක නාමය ලෙස හැඳින්වෙන්නේ කොකස් නුසිෆෙරා (Cocos Nusifera) .මේ වෙනකොට ලෝකය රටවල් 93 හෙක්ටෙයාර් මිලියන 11.8 ක් පමණ භුමි ප්‍රමානයක පොල් ව්‍යාප්ත වෙලා තියෙනවා. පොල් ගහේ මාතෘ භුමිය ලෙස සැලකෙන්නේ මලයාසියාවයි. ලංකාවේ ඉතිහාසයේත් පොල් ගස ජනප්‍රිය වෘක්ෂයක් කියලා ලිඛිත සාක්ෂිවලින් නිගමනය කරන්න පුළුවන්. බ්රාහ්මී ලිපිවල පොල් හඳුන්වලා තියෙන්නේ ” නාඩීර ” කියලා.සිදත් සඟරාවේ ” නැළි” කියලා. සීගිරි ගී වල “නෙළිඵල” කියලත් පොල් හඳුන්වලා තියෙනවා. අනුරාධපුර යුගයේදී පොල් “නෙරළු පක් ” කියලා හඳුන්වලා තියෙනවා. එම යුගයේදී ලියවුනු “සිඛවලඳ විනිස” කියන ග්‍රන්ථයේ මෙහෙම සඳහන් වෙනවා.
වර්තමානයේ වගේම අතීතයේදී විවිධ උත්සව වලදී මේ පොල්මල් කලස් සහ තැඹිලි යොදාගෙන තියෙනවා කියලා.”කව්සිළුමිණ ” වගේ කාව්‍යන්ගේ සාක්ෂි ලැබෙනවා.
හිමි පුළුප් කලස
පිවිතුරු ලකළ හෙම්කල
සමෝ රඹ තැඹිලියෙන්
නවමල් සීයෙන් රඳනා
ඉතිහාසයේ පොල් ගෙඩියේ උපත පිලිබදව විවිධ ජනප්‍රවාද තියෙනවා. ගණදෙවි හෑල්ලේ සඳහන් වෙන්නේ ගණ දෙවියන්ගේ හිසින් පොල් ගෙඩිය උපත ලබලා තියෙනවා කියලා.
තැන තැන කොතැනද සිට විමසන්නී
වෙන තැන තිබු දෙය සුදුසු නොවන්නේ
වනපෙත පළමුව තිබිණි කියන්නේ
ගණදෙවි හිස පොල්ගෙඩිය උපන්නේ
ශ්‍රී ලංකාවේ 1962 වන විට පොල් වගාව හෙක්ටයාර් දස ලක්ෂයක් පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා. බොහෝ ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරන්නේ දියවැල් ඔස්සේ පොල් මෙරටට සංක්‍රමණය වෙලා තියෙනවා කියලා. 1796 දී ලන්දේසි යුගය අවසන් වෙනකොට හලාවත සිට දෙවුන්දර දක්වා මුහුදුබඩ තීරයේ එක් ලක්ෂ හතළිස් දෙදහසක පමණ භුමි ප්‍රමාණයක් පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙනවා.
ඉතිං මහා පරිමාණ වගාවක් වශයෙන් ඇරඹී පොල් වගාව විශාල වශයෙන් ව්‍යාප්ත වුන දිස්ත්‍රික්ක 3 ක් තියෙනවා. ගම්පහා, කුරුණෑගල, පුත්තලම.මෙන්න මේ කලාපය තමයි පොල් ත්‍රිකෝණය කියල හඳුන්වන්නේ.දුවේ පුතේ පොල් ගස අපේ රටේ ජන ජිවිතයක් එක්ක දැඩිලෙස බැඳිලා තියෙනවා කියලා . පොල් වගාව ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශවල ග්‍රාම නමත් එක්ක පැහැදිලි වෙනවා. පොල්ගොල්ල, පොල්පිතිගම, පොල්ගස්ඕවිට, පොල්හේන, පොල්අතුමෝදර , පොල්ගහවෙල,පොල්වත්ත. ඒවගේම පුතාලා දන්නවනේ ශ්‍රී ලාංකිකයන් පොල්ගස හඳුන්වන්නේ” කප්රුක” කියලා. ඒ ඇයිද දන්නවද? පොල් ගහේ සෑම කොටසකින්ම මිනිසාට ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්. ඉතිං දුවේ පුතේ ,දිළිඳු පැල්පතේ ඉඳලා තරුපහේ හෝටලය දක්වා වෙනසකින් තොරව පාවිච්චි කරන දෙයක් තමයි පොල් කියලා කියන්නේ.
මේ ලිපිය කසුනි නැන්දාගෙන්