බිලියන 13.75 කට ඈත අතීතයේ විශ්වය නිර්මාණය වූ බවයි සැලකෙන්නේ. තරු විශ්වයේ පැරණිම වස්තූන්ය. තරු සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහා හීලියම් යන වායු එකතු වීමෙනි. මේවයේ න්‍යෂ්ටික සංයෝගය නිසා තරු බබළනවා. තාරකා විවිධ ප්‍රමාණයෙන් යුක්තයි. කහා පාටට හුරු පාටින් බබළන හිරුද තාරකාවක්. හිරුට වඩා විශාලත්වයෙන් කුඩා තාරකාවෝ රතු පාටට හුරු ලෙසින්ද විශාලත්වයෙන් වැඩි තාරකාවෝ නිල් පාටින්ද බබලති.
ඒවායේ පැහැය වෙනස් වන්නේ ශක්ති ප්‍රමාණයෙනි. අපට ආසන්නතම තාරකාව වන්නේ ප්‍රොක්සිමා සෙන්චුරි තාරකාවය. එයට ඇති දුර ආලෝක වර්ෂ 4.3 කි. තරු පිලිබදව එදා මෙන්ම අදත් මිනිසා තුළ ඇත්තේ කුතුහලයකි. පැරැන්නෝ තරු මගින් අනාවැකි කියන්නත් දිශාවන් සොයා යෑමටත් පුරුදු වී සිටියේය. එසේම ඔවුන් තාරකා රටා සඳහා විවිධ නම් තැබුවෝය. එවැනි තාරකා රටා 88 ක් පමණ ඇති අතර ඉන් 18 ක් පමණ පැහැදිලිව දැකිය හැකියි.
මහා වලසා – Urasa Major
උතුරු අහසේ පැහැදිලිව දිස්වෙන මෙය ග්‍රේඩ් ඩියර් නමින්ද හඳුන්වයි. නැවියන් ධීවරයන් කාන්තාර තරණය කරන්නන් විසින් උතුරු දිශාව තීරණය කිරීමට ධ්‍රැව තාරකාව යොදා ගනී.
කුඩා වලසා – Urasa Minor
පෘථවියේ සිට ආලෝක වර්ෂ 700 ක් දුරින් පිහිටා ඇත. මෙය තරු 07 කින් සමන්විත තරු රටාවකි.
මහා බල්ලා – Canis Major
බල්ලෙකුගේ හැඩයෙන් යුත් තරු රටාවකි. දඩයක්කරයා (ඔරායන්) තාරකා මණ්ඩලයට මදක් නැගෙනහිර පිහිටා තිබේ. බල්ලාගේ හිස කොටසේ සීරියස් නම් දීප්තිමත්ම තාරකාව පිහිටා තිබේ.
කුඩා බල්ලා -Canis Minor
මෙය පෘථවියේ සිට ආලෝක වර්ෂ 11.3 දුරින් පිහිටා තිබේ එහිද ප්‍රොසියොන් යයි නම් කෙරුණු තරමක දීප්තිමත් තාරකාවක් පිහිටා තිබේ.
දඩයක්කරු – Orion
දඩයක්කරුගේ රුව නිරුපණය කරන තරු රටාවකි. ප්‍රධාන තරු 7 කින් සමන්විතය. මෙහි දීප්තිමත් බවෙන් හය වැනි ස්ථානයේ ඇති රිජෙල් නම් තාරකාව සහා දීප්තිමත් බවෙන් හය වැනි ස්ථානයේ ඇති බ්ට්ල්ජුස් නම් තාරකාව ද පිහිටා තිබේ.
මේෂ – Aries
රාශි චක්‍රයේ පලමු තරු රටාවයි. එළුවෙකුගේ හැඩයෙන් යුත් මෙම තරු රටාව උතුරු අහසේ දිස් වේ.
කටක – Canser
කකුලුවෙකුගේ හැඩය ගත් තරු රටාවකි. ප්‍රධාන තාරකා පහකින් සමන්විතය.
සිංහ – Leo
උතුරු අහසේ පායන දීප්තිමත් තරු රටාවකි. රේගුලස් නම් දීප්තිමත් තාරකාව මෙහි පිහිටා තිබේ. මෙය නැගෙනහිර දිශාවට යොමුව තිබේ.
කන්‍යා -Virgo
මෙම තරු රටාවෙන් නිරුපණය වන්නේ මල් කිනිත්තක් අතින් ගත් කාන්තාවකි. අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින දෙවන තාරකා මණ්ඩලය වේ. දීප්තිමත් බවෙන් 15 වැනි ස්ථානය හිමි කරගන්නා තරකාවද මෙයයි.
මකර – Capricornus
මෙම තරු රටාව මුහුදු අශ්වයෙකුගේ හැඩයෙන් නිරූපිතය. දීප්තිමත් තාරකා තුනකින් සමන්විත මේම තරු රටාව ද අහසේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී.
කුම්භ – Aqurius
වතුර කළයක් අතින් ගත් කාන්තා රුවක් නිරුපණය කරන තරු රටාවකි. විශාල තරු රටාවක් වුවද එතරම් දීප්තිමත්ව නොපෙනේ.
මීන – Pisces
ප්‍රධාන තාරකා 21 කින් සමන්විතය. මෙය දීප්තියෙන් අඩු තරු රටාවකි. මාළුන් දෙදෙනෙකුගේ හැඩයෙන් යුත් මෙම රටාව උතුරු අහසේ දිස් වේ.
වෘෂභ – Taurus
ගවයෙකුගේ හැඩය ගත් විශාල තරු රටාවකි. මේ තාරකා මණ්ඩලයට දඩයක්කරයා තරු රටාවට මදක් උතුරට බරව බටහිර දෙසින් දිස්වේ. මෙහි ඇල්ඩ්බාරාන් නම් රතු පැහැති දීප්තිමත් තාරකාව පිහිටා තිබේ.
මිථුන – Gemini
දඩයක්කරයා තාරකා මණ්ඩලයට මදක් ඊසාන දෙසින් පිහිටා තිබේ. මෙමගින් නිවුන් සහෝදරයින්ගේ රුව නිරුපණය වේ. මෙම තරු රටාවේ “කැස්ටර්” සහ ” පෝ ලූක්ස් ” යන දීප්තිමත් තාරකා පිහිටා තිබේ.
තුලා – Libra
මෙමගින් තරාදියක හැඩය නිරුපණය වේ. කන්‍යා තාරකා මණ්ඩලයට බටහිරින් හා වෘශ්චික තාරකා මණ්ඩලයට නැගෙනහිරින් පිහිටා තිබේ.
වෘශ්චික – Scropius
ගොනුස්සගේ හැඩය ගත් මෙම තාරකා මණ්ඩලයේ ඇන්ටාරොස් නමැති රතු පාටට හුරු දීප්තිමත් තාරකාව පිහිටා තිබේ. විශාල ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙහි ප්‍රධාන තාරකා 15 ක් පිහිටා තිබේ.
ධනූ – Sagittarius
අශ්වයෙකුගේ පිට නැගී දුනුවායෙකු මෙයින් නිරුපණය වේ. මෙය දකුණු දිග අහසේ පිහිටා ඇත.
දකුණු කුරුසය – Southern Cross
දකුණු අහසේ පිහිටා තිබෙන මෙය දීප්තීමත් තාරකා මණ්ඩලයකි. එසේම තරු රටා අතර කුඩාම තරු රටාව වේ. කුරුසයක හැඩය ගන්නා මෙම තරු රටාවේ දිග බහුව සෑම විටම දකුණටම යොමු වී ඇති නිසාම එය දිශා දර්ශක තරකා මණඩලයක් ලෙස හැඳින්වේ.
මේ ලිපිය කසුනි නැන්දාගෙන්