තත්පරෙන් තත්පරේට නව තාක්ෂණයත් එක්කම ලෝකය අලුත් වෙනවා. 1969 ජූලි 20 වැනිදා නීල් ආම්ස්ට්‍රෝන් ඇතුලු කණ්ඩායම ඇපලෝ 11 යානයෙන් මුලින්ම හඳමත පා තබපු පුවත හැමෝම දන්න කාරණයක්. ඒ විදිහට,අභ්‍යාවකාශ ගවේෂණ වලට මිනිසා ගේ මුල්වීමත් එක්කම ,වර්තමානයේ අඟහරු ග්‍රහයා මත ජනාවාස ඉදිකිරීම දක්වාම ලෝකය ඉදිරියට ඇවිල්ල තියනව. ඒ විදිහට අභ්‍යවකාශ සංචාරයක් යන්න ලිපිය කියවන අපි හැමෝටම ආසයි නේද.ඔන්න එහෙනම් අව්රෝරා හෝටලයට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ….
අවුරෝරා, එහෙමත් නැත්නම් අවුරෝරා ස්ටේශන්, ලෝකයේ පළමු අභ්‍යවකාශ හෝටලය. ඉතින් මේ සුඛෝපභෝගී අභ්‍යවකාශ හෝටලය නිර්මාණය කරන්නේ, ඇමරිකානු සමාගමක් වෙන ඔරායන් ස්පෑන් ආයතනයයි. අවුරෝරා ස්ටේෂන් හෝටලය පළලින් අඩි 12 ක්, දිගින් අඩි 35ක් ද වෙන සාමාන්‍යයෙන් විශාල ජෙට් ගුවන් යානයක් මගීන් වෙනුවෙන් වෙන්කරන ඉඩ කොටසට සමාන ඉඩකින් යුක්ත කොටසක් වෙනවා.ඒ වගේම තමයි කාර්යමණ්ඩලයේ සාමාජිකයෝ දෙන්නෙක් එක්ක සංචාරකයො හය දෙනෙක්ට විතරයි එක වරකට මේ අපූරු හෝටලයේ නවාතැන් ගන්න පුලුවන්. තවත් විශේෂ කාරණයක් තමයි නිවාඩුව ගත කරන්න අවුරෝරා ස්ටේශන් එක තුලට යන්න කලින් සංචාරකයන්ට මාස තුනක පුහුණු වැඩසටහනකට සහභාගි වෙන්න සිදුවෙන එක.අභ්‍යවකාශ ගමන් ක්‍ෂේත්‍රයේ, බොහෝ අත්දැකීම් තියන ප්‍රවීණයන් හරහා තමයි මේ පුහුණුව ලබා දෙන්න කටයුතු යොදලා තියන්නේ.
දැනට ඔරායන් ස්පෑන් සමාගම කියන විදිහට, දින 12ක සංචාරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 10 කට, එහෙමත් නැත්නම් ලංකාවේ මුදලින් රුපියල් කෝටි 190 කට ආසන්න විශාල මුදලක් වැය කරන්න සංචාරකයින්ට සිද්ද වෙනවා.අවුරෝරා ස්ටේශන් අපූරු හෝටලය පෘථිවියේ ඉඳන් කි.මී. 320 ක් ඉහළින් තමයි ගමන් කරන්නේ. ඒ වගේම විනාඩි 90 කට වාරයක් පෘථිවි ගෝලය වටේ රවුමක් සම්පූර්ණ කරනවා කියලත් සඳහන් වෙනවා.ඒ නිසා වාර 16 ක දි හිරු උදා වීමත් බැසයාමත් සංචාරකයින්ට නරඹන්න ලැබෙනවා.ඒ වගෙම තවත් අපූරු අත්දැකීම් ගණනාවක්ම සංචාරකයින්ට ලබාදෙන්න මේ ඔරායන් ස්පෑන් සමාගම කටයුතු කරලා තියනවා. ඒ තමයි මේ හෝටලය ඇතුලේ විවිධ ක්‍රීඩාවල නිරත වෙන්න සංචාරකයින්ට පුලුවන්, ඒත් විශේෂත්වය තමයි ගුරුත්වාකර්ෂණය නැති පරිසරයක පාවෙවී තමයි මේ ක්‍රීඩා කරන්න වෙන්නෙ.ඉතින් ඒක අලුත්ම අත්දැකීමක් වෙනවා.
ඒ වගේම පෘථිවියෙන් ගොඩක් ඈතට නොයන කක්ෂයක ගමන් කරන නිසා පෘථිවියේ මින් පෙර නොදුටු දර්ශන, රටවල් පිහිටලා තියන ආකාරය වගේම රූප වලින් දැකපු ගොඩක් දේවල් සංචාරකයින්ට එයාලගෙ ඇස් වලින්ම බලාගන්න පුලුවන් වෙනවා. ඒ වගේම පෘථිවියේ ඉන්න නෑදෑයන් යාලුවන් එක්ක වීඩියෝ කෝල්ස් ගන්නත් පහසුකම් සලසනවා කියලත් සඳහන් වෙනවා. හෝටලය ඇතුලේ අභ්‍යවකාශය ගැන විවිධ පර්යේෂණ කටයුතු සිදුවෙනවා. සංචාරකයින්ට ඒ කාර්යට සහය වෙන්න වගේම ඒවා දැකබලා ගන්නත් ඉඩ ලබලා දෙනවා කියල ඔරායන් සමාගම සඳහන් කරනවා.ඉතින් මේ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කරන්න ඔරායන් ස්පෑන් සමාගමට ලොකු මුදලක් වැයවෙනවා වගේම මේ වගේ විශාල මුදලක් වියදම් කරන සංචාරකයෝ ප්‍රමාණය අඩු නිසා ඒ වියදම පියව ගන්න ඒ සමාගම අපොහොසත් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම වෙනත් අභ්‍යවකාශ කටයුතු වල යෙදෙන සමාගම් වලටත් මේ පර්යෙෂණාගාරයේ තමන්ගෙ කටයුතු කරගන්න අවස්තාවක් ලබාදෙන්න කටයුතු සූදානම් කරන්නේ, සමාගමේ වාණිජ අරමුණක් වගේම අනිත් සමාගම් වලට පහසුවකුත් ලැබෙන නිසා.
හෝටලයක් වගේම පර්යේෂණාගාරයක් වෙන අවුරෝරා ස්ටේශන්, 2021 දී ලෝකයට හඳුන්වා දෙන්න ඔරායන් ස්පෑන් සමාගම මේ වෙනකොටත් කටයුතු යොදලා ඉවරයි. ඒ වගේම 2022 දී පලමු සවාරිය ගිහින් එන්නත් අවුරෝරා ලක ලෑස්ති වෙනවා කියන පුවත ලොවම මවිත කරන කාරණයක්.