Friday, January 15, 2021
Privacy Policy | Hotline : 0770586666 | E-mail : info@pancha.lk
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS
No Result
View All Result
Pancha
No Result
View All Result

හොල්මන් වලට කැමති අයට

September 19, 2019
0
SHARES
Share on FacebookShare on Twitter

හොල්මන් කිව්වම ඉතින් ලොකුද පොඩිද කියලා නෑ නේ. සමහරුන්ට නම් හොල්මන් කිව්වත් බයයි. හැබැයි ඉතිං අදෘෂ්‍යමාන බලවේග වලට අපි ගොඩක් බය වුණාට ඒව ගැන විස්තර දැනගන්න ගොඩක් ආසයිනේ. මොකද ඒ දේවල්වල ලොකු කුතුහලයක් තියෙන නිසා. මේ කියන්න හදන්නේ ලෝකය පුරා තියෙන අත්භූත ස්ථාන කීපයක් ගැන.

01. මොන්තක්‍රිස්තෝගෙ වත්ත – ඕස්ට්‍රේලියාව

මේ ස්ථානය ඕස්ට්‍රේලියාවෙ තියෙන අති භයානකම තැනක් විදිහට තමයි පිලිගන්නෙ. මේ ස්ථානයේ දි නොහිතපු විදිහට මිනිස්සු එකපාරට ම මියගිහින් තියෙනවා. මේ තැන ගොඩාක් මිනී මැරුම් වලට පවා මිනිස්සු ගොදුරු වෙන තැනක් විදිහට තමයි සලකන්නේ. ඒත් මේ ස්ථානයේ තියෙන මේ අත්භූත ස්වභාවය පිලිබඳව විවිධ අදහස් පල වුණත් ඒ ගැන නිශ්චිත පරීක්ෂණයක් මගින් ඔප්පු කරගෙන නැහැ.

02. ගුඩ්ඩොහොග් මාලිගාව – දකුණු අප්‍රිකාව

මේ මාලිගාව තුල 20 වන සියවසේ ඉඳල ම විවිධ අත්භූත සිදුවීම් වාර්ථාවෙනවා. විවිධ භූත ආත්ම මේ මාලිගාව පුරා සැරිසරනව කියල තමයි අපට වාර්ථා වෙන්නෙ. මේ වාලිගාව වටා තියෙන විශාල තාප්පය මත හිටි හැටියේ මතුවී අතුරුදන් වී යන අත්භූත මිනිසෙක්ගෙ අවතාරයක් වගේ ම හිටි හැටියේ එතනට යන මිනිසුන්ගේ ඇඟට කඩා පනින බල්ලෙකුගෙ අවතාරයකුත් සැරිසරනව කියල තමයි සඳහන් වෙන්නේ. වඩාත් ම කම්පනයට පත් කරන කාරනාව වෙන්නේ මේ මාලිගාව තුල ඉන්න එක් අත්භූත කාන්තා රුවක් එකවරම මතුවෙලා හඬාගෙන දුවගෙන ගොස් නැවත එකවරම අතුරුදන් වීම. මේ විදිහට මේ අවතාරය අතුරුදන් වන බවට මිනිසුන් පවසන තැන කැනීමක් කරල තියෙනවා. එතනදි කවුරුත් නිහිතපු විදිහට ඒ ස්ථානයේ තිබිල අභිරහස් විදිහට මියගිහින් වලදා තිබුණු ගැහැණු මළ සිරුරක් හමු වෙලා තියෙනවා.

03.ලන්ඩන් කුළුණ – එංගලන්තය

වර්ෂ 1078 දී විතර ඉදිකෙරුණු මේ ස්ථානය විවිධ අත්භූත සිද්ධීන් රැසකටම පාදක වුණ තැනක්. මේ මාලිගාවේ දක්නට ලැබෙන බව කියන ප්‍රසිද්ධම අවතාර තමයි හිස නැති ඈන් බොලීන්ගේ සහ ජින් ග්‍රේ ආර්‍යාවගේ අවතාර. 1483 අවුරුද්දෙදි සිය මාමා වූ 3 වන රිචඩ් රජු ඝාතනය කල කුමාර වරුන් දෙදෙනෙකුගේ අවතාරත් මේ ලන්ඩන් කුළුන තුල සැරි සරන බව කියන අවතාර මේ අතරට අතරට අයත්.

04. මනාෆ් ස්ට්‍රේන් හෝටලය – කැනඩාව

ලෝක ප්‍රසිද්ධ මේ හෝටලයත් විවිධාකාර අත්භූත ආත්ම පිලිබඳව ප්‍රසිද්ධියක් උසුළන ස්ථානයක්. මෙහි සිටින එක් අත්තූත ආත්මයක් වන්නෙ මෙහි සිටි පැරණි සේවකයෙක්. ඒ ආත්මයෙ මේ හෝටලය සඳහා එන සංචාරකයින්ට සිය ගමන් මලු ඔසවාගෙන යන්න උදව් කරනව කියල තමයි සඳහන් වෙන්නෙ. ඒ වගේ ම බාල් නැටුම් ශාලාවේ නර්ථනයේ යෙදී මිය ගිය කාන්තාවක් සහ මිනී මැරුම් සිද්ධියක් සඳහා භාජනය වුණ පවුලකුත් මේ මාලිගාවේ හොල්මන් කරනව කියලයි වාර්ථාවෙන්නෙ.

05.බෝනික්කන්ගේ දූපත – මෙක්සිකෝව

1950 දශකයේදී එක්තරා පුද්ගලයෙක් මෙක්සිකෝවට අයත් මේ පාළු දූපතට තනිව ගිහින් තියෙනවා. ඔහු එහි ගිහින් තියෙන්නෙ ඊට වසර 10කට පෙර දියේ ගිලී මිය ගිය දැරියකගේ අනකිරීමකට කියල තමයි ඔහු සඳහන් කරල තියෙන්නේ. ඊට පස්සෙ ඒ දූපතට ගිය ඔහු මේ දූපත පුරා ගනන් කරන්නට නොහැකි තරම් බෝනික්කන් ප්‍රමානයක් මේ දූපත පුරාවට ම එල්ලල තියෙනවා. නමුත් ඔහුට පසුව තේරුම් ගිහින් ති‍යෙනවා මේ මියගිය දැරියට අවශ්‍ය මේ පුද්ගලයාත් මරා ඇයත් සමඟම ආත්මයක් විදිහට එකට ඉන්න ගෙන්න ගන්න කියල. මේ සිද්ධිය ගැන මේ පුද්ගලයා ඉක්මනින් ම ඔහුගේ ඥාතියකුට කියල තියෙනවා. විස්තරය කිව්ව දවසෙම සවස් කාලයේදී ඒ පුද්ගලයා මියගිහින් තිබියදී ඔහුගෙ මළ සිරුර සොයාගන්නවා. ඒ අර දැරිය මියගිය ස්ථානයේ ම දියේ ගිලී තිබියදී. දැන් මේ ආත්ම දෙක ම මේ දූපතේ සැරිසරනව කියල තමයි වාර්ථාවෙන්නේ. ඒ වගේ ම මේ දූපතේ ඇවිදින්න යන අයට මූ බෝනික්කන් කොඳුරනවා ඇහෙනව කියලත් සඳහන් වෙනවා.

 

අපි විශ්වාස කලත් නොකලත් ලෝකයේ විවිධ අත්භූත සිදුවීම් ගැන මේ විදිහට විවිධ රටවල් වලින් තොරතුරු වාර්ථ වෙනවා. මේ විදිහෙම තවත් අත්භූත සිදුවීම් සිදුවෙන ලෝකයේ තැන් කිහිපයක් ගැන අපි ඉදිරියේදිත් ලිපියක් පලකරනවා.

Download WordPress Themes
Download Nulled WordPress Themes
Download Nulled WordPress Themes
Download Best WordPress Themes Free Download
free download udemy paid course
Previous Post

වෙල්ලස්ස හෙල්ලූ කොහු කුඹුරේ රටේ රාළ - 62

Next Post

පොත් අපේ නෙත් වගේ

Next Post
පොත් අපේ නෙත් වගේ

පොත් අපේ නෙත් වගේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

අපි නොදන්න ප්‍රස්තාව පිරුළු

August 26, 2019
අපිටම ආවේණික වූ ශාක

අපිටම ආවේණික වූ ශාක

August 6, 2019
සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

සුන්දර ශ්‍රී ලංකාවේ තෙත් බිම් වර්ග

September 2, 2019
එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

එක කාලෙකට විතරක් අපේ රටට එන කුරුල්ලෝ

August 19, 2019
පොල් ගැන අපි නොදත් කතා

පොල් ගැන අපි නොදත් කතා

February 18, 2019
මුළු අහසම ලස්සන කරන තරු රටා

මුළු අහසම ලස්සන කරන තරු රටා

June 13, 2019
Pancha

© 2019 Pancha.lk
Design & Developed
By MYS.

Quick links

  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

Follow Us

No Result
View All Result
  • HOME
  • DRAWINGS
  • GAMES
  • PROGRAMMES
  • KID’S VIDEOS
  • DOWNLOADS

© 2019 Pancha.lk
Design & Developed
By MYS.